‍රද්දොළුගම ප්‍රදේශයේ දී හෙරොයින් සමඟ කතක් අත්අඩංගුවට

Share

සීදුව පොලිස් වසමේ රද්දොළුගම ප්‍රදේශයේ දී සීදුව පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් වැටලීමක් සිදු කර තිබේ.

 

ඊයේ(30) සවස 2.10 ට පමණ මෙය සිදු කර ඇත.

එහිදී හෙරොයින් ග්‍රෑම් 100 මිලිග්‍රෑම් 790 ක් සමඟ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 37 ක් වු කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකාරියකි.

සැකකාරිය අද(01) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සීදුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News