කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය පාලනය කරන තෙක් ජාතික අක්ෂි රෝහලේ හදිසි අනතුරු සේවා සහ හදිසි අක්ෂි ආබාධ සේවා පමණක් ක්‍රියාත්මක කිරීමට රෝහල් බලධාරීන් තීරණය කර තිබේ.
එහි අධ්යක්ෂ වෛද්‍ය ඩබ්ලිව්.එල්.එල්.යු.සි.කුමාරතිලක මහත්මිය සඳහන් කළේ, සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරගනිමින් රෝහලේ බාහිර රෝගී පරිශ්‍රය තුළ රඳවා තබා ගත හැකි වන්නේ පුද්ගලයින් සිය දෙනෙකු හට පමණක් බවයි.
මේ හේතුවෙන් සාමාන්‍ය පරිදි සායන හා බාහිර රෝගී සේවා පවත්වාගෙන යාම අපහසු වන අතර හදිසි අනතුරු සේවා සහ හදිසි අක්ෂි ආබාධ සේවා පමණක් ක්‍රියාත්මක බව රෝහල් අධ්‍යක්ෂවරිය සඳහන් කළේය.
එමෙන්ම අක්ෂි සායනවලට සහ ඖෂධ ලබාගැනීමට පැමිණෙන පුද්ගලයින්ගේ පහසුව වෙනුවෙන් දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.
0112 693 911 යන දුරකථන අංකය මඟින් ඒ පිළිබඳ තොරතුරු ලබාගත හැකියි.
එමෙන්ම 0113 618 678 යන දුරකථන අංකය ඇමතීමෙන් අක්ෂි රෝග සම්බන්ධයෙන් වෛද්‍ය උපදෙස් ලබාගැනීමට හැකි බව ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂවරිය පැවසුවේය.



