‘රැකියා සුරක්ෂිත කරමු. ජීවත් වීමේ අයිතිය රැක දෙමු ‘ යන්න මෙවර මැයි දිනයේ තේමාව විය යුතු යැයි තමා විශ්වාස කරන බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
කම්කරු දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ දහස් ගණනකගේ රැකියා පිළිබඳව බරපතල ව්‍යාකූලත්වයක් මෙන්ම ජීවත්වීමේ අරගලය දැඩි අරගලකාරී තත්ත්වයකට පත්ව ඇති බවයි.
මෙම අවස්ථාවේ බරපතල ජීවන අර්බුදයකට මුහුණ පා සිටින වැඩකරන ජනතාව වෙනුවෙන් සහන සහ පහසුකම් සැපයීම ආණ්ඩුවේ අත්‍යාවශ්‍ය වගකීමක් බව සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙන්නේ මෙම අවස්ථාවේ දිවි පරදුවට තබා සේවය කරන සියලු පුද්ගලයින්ට උත්තමාචාරය ද පුද කරමින් ය.



