පක්ෂ නියෝජිතයින් හෙට මැතිවරණ කොමිසමට කැඳවයි

Share

මහ මැතිවරණයට නාමයෝජනා භාර දී ඇති දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර විශේෂ සාකච්ඡාවක් හෙට (02) පැවැත්වීමට නියමිතයි.

 

හෙට උදෑසන 11.15ට මැතිවරණ මහලේකම් කාර්යාල පරිශ්‍රයේ දී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව කොමිසමේ නියෝජිතයෙකු සඳහන් කළේය.

රට තුළ පවතින කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හමුවේ මැතිවරණය පැවැත්විම ජුනි 20 වන දින දක්වා කල් දමා ඇති පසුබිමක එය ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව කොමිසමේ නියෝජිතයින් සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් හමුවන දෙවන අවස්ථාව මෙය වේ.

කෙසේවෙතත් පවතින සෞඛ්‍ය වාතාවරණය හමුවේ එක් දේශපාලන පක්ෂයකින් එක් නියෝජිතයෙකුට පමණක් මෙම සාකච්ඡාව සදහා සහභාගී වන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් ද සිදුකර තිබේ.

මේ අතර මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් සදහා අංක ලබාදිමේ කටයුතු අනිද්දා දිනයේ දී සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.

මෙලෙස අංක ලබාදීම මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය ආරම්භ කිරීමක් ලෙස සැලකේ.

කෙසේවෙතත් වෛරස ව්‍යාප්තිය හමුවේ රැස්වීම් ජනහමු පැවැත්වීම පිළිබද ඉදිරියේ දී මැතිවරණ කොමිෂන් සභාව විසින් මාර්ගෝපදේශන මාලාවක් ඉදිරිපත් කිරීමට ද නියමිතයි.

Read more

Local News