කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ නාවික හමුදා සාමාජිකයින් තවදුරටත් හඳුනාගනු ලැබුව ද එහි අඩුවීමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
කෙසේවෙතත් ඊයේ (30) දිනයේදී ද වෛරසය ආසාදිත වී ඇති බවට හදුනාගත් 16 දෙනාගෙන් නව දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා සදහන් කළේය.
ඒ අනුව මේ වන විට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇති නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 253 බව නාවික හමුදාව සඳහන් කළේය.
මේ අතර ඊයේ දිනයේ ද පී.සී.ආර්.පරීක්ෂණ 1400කට ආසන්න සංඛ්‍යාවක් සිදුකර ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කළේ.



