මලයාසියාවේ ප්‍රධාන පෙළේ ව්‍යාපාර ලබන සදුදා සිට විවෘත වෙයි

Share

මලයාසියාවේ ප්‍රධාන පෙළේ ව්‍යාපාර ලබන සදුදා දින යළි විවෘත කිරීමට අවස්ථාව ලබාදෙන බව එරට අග්‍රාමාත්‍ය මුහයිඩීන් යසින් ප්‍රකාශ කර තිබේ.

 

ඒ අනුව සෞඛ්‍ය ආරක්ෂිත දැඩි කොන්දේසී යටතේ එම ව්‍යාපාර විවෘත කිරීමට අවසර ලබාදෙන බව මලයාසියානු අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

කෙසේවෙතත් ක්‍රීඩා තරග පැවැත්වීම්, මහජන උත්සව පැවැත්වීම ඇතුළු ජනතාව ඒකරාශි වන ක්‍රියාකාරකම් තවදුරටත් තහනම් වනු ඇති.

මලයාසියාව තුළ කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් 6000කට අධික පිරිසක් වාර්තා වී ඇති අතර මරණ 102ක් සිදුව තිබේ.

Read more

Local News