අතරමං වූ සංක්‍රමණිකයින් රැගත් ඉන්දීය පළමු දුම්රිය ජර්කාන්ඩ් ප්‍රාන්තයට

Share

අතරමං වූ සංක්‍රමණිකයින් රැගත් ඉන්දීය පළමු දුම්රිය තෙලන්ගා ප්‍රාන්තයෙන් අද (01) ගමන් ආරම්භ කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

 

රට පුරා පැතිර යන කොවිඩ් වසංගතය ව්‍යාප්තිය වැලැක්වීමේ අරමුණින් පසුගිය මාර්තු මස 24 වැනිදා සිට එරට දෛනික කාර්යයන් අත්හිටුවීමට ඉන්දීය රජය පියවර ගනු ලැබුවේය.

පොදු ප්‍රවාහන සේවයන් ද මේ හේතුවෙන් අත්හිටුවීමට කටයුතු කර තිබුණි.

ඒ අනුව මගීන් 1200 දෙනෙකු රැගත් පළමු  දුම්රිය තෙලන්ගා ප්‍රාන්තයේ සිට ජර්කාන්ඩ් ප්‍රාන්තය බලා ගමන් ආරම්භ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Read more

Local News