බ්‍රිතාන්‍යය කොරෝනා ව්‍යාප්තියේ උච්චතම සමය පසුකළ බව එරට අගමැති කියයි

Share

අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්, කොවිඩ් ආසාදනයෙන් පසු පළමුවරය නිල මාධ්‍ය හමුවක් සදහා ඊයේ (30) රාත්‍රියේ එක්විය.

 

එහිදී අදහස් දැක්වූ අගමැතිවරයා පවසා ඇත්තේ බ්‍රිතාන්‍යය කොවිඩ් ව්‍යාප්තියේ උච්චතම සමය පසුකර ඇති බවයි.

එමෙන්ම අකර්මණ්‍යව පවතින රාජ්‍ය කටයුතු නැවතත් ආරම්භ කළ යුතු ආකාරය සම්බන්ධ පුර්ණ සැලැස්මක් ඉදිරි සතිය තුළදී එලිදැක්වීමට කටයුතු කරන බවත් අගමැතිවරයා පැවසීය.

කෙසේ නමුත් ඉදිරි කාලසීමාවේදී මුව ආවරණ භාවිතය ඉතාමත් වැදගත් බවත් ඔහු මෙහිදී ප්‍රකාශ කළේය.

කොවිඩ් ආසාදිතයින් 172,478ක් හදුනාගෙන ඇති , බ්‍රිතාන්‍ය යෙන් පසුගිය පැය 24 තුළ වාර්තා වූ මරණ 674ත් සමගින් එරට සමස්ත මරණ ගණන 26,842ක් ලෙසින් ඉහළ ගියේ.

Read more

Local News