සමාජ දුරස්ථකරණය පවත්වාගැනීම සඳහා කුඩයක් ඉහළාගෙන යන්නැයි කේරළ ප්‍රාන්තයේ ගම්මානයක බලධාරීන් ජනතාවට පවසා තිබේ.
ඒ සදහා ජනතාව වෙත කුඩයක් බැගින් ලබාදීමටත් ඔවුන් කටයුතු කර ඇත.
දකුණු ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ පිහිටි තන්නිර්මුක්කම් ගම්මානය සැලකෙන්නේ, කොවිඩ් ව්‍යාප්තියෙන් වැඩ වශයෙන් පීඩාවට පත්වූ කලාපයක් ලෙසයි.
එහි ජනතාවට සමාජ දුරස්තකරණය සදහා දිරිමත්කිරීමේ අරමුණින් ප්‍රාන්ත රජය ගත් අපූරු ක්‍රියාමාර්ගයක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
ප්‍රාන්ත රජය මෙහිදී ජනතාව කැදවා ඔවුන් වෙත කුඩයක් බැගින් ලබාදීම සිදු කර ඇත.
ඔවුන් පැවසුවේ හැකි සෑම විටම කුඩය ඔසවාගෙන යාමෙන්, පුද්ගලයින් අතර නිසි පරතරයක් තබාගත හැකිබවයි.
නිවසෙන් ඉවතට යන සෑම විටම කුඩය රැගෙන යන ලෙසද ප්‍රාන්ත අධිකාරිය ජනතාව වෙත දන්වා තිබේ.
ඉන් සංචරණ සීමා ඉවත්කිරීමෙන් අනතරුව වෛරස ව්‍යාප්තිය පාලනය කරගැනීම ඔවුන්ගේ අරමුණයි.
කේරලය සැලකෙන්නේ කොවිඩ් ආසාදිතයින් පළමුව හදුනාගත් ප්‍රාන්තයක් ලෙසයි.
කෙසේ නමුත් ඉන්දීය වාර්තා පවසන්නේ, ආසාදිතයින් වාර්තාවීම පාලනය කරගැනීමට ඔවුන් දැන් බොහෝදුරටත් සමත්ව තිබෙන බවයි.




