අද(01) දිනයට කොරෝනා ආසාදිතයින් 9 දෙනෙකු වාර්තා වී තිබේ.
එයින් පුද්ගලයින් 5 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් ළඟින් ඇසුරු කළ අය වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
එක් රෝගියෙක් කොළඹ ප්‍රදේශයෙන් වාර්තා වන අතර අනෙක් රෝගීන් තිදෙනා නාවික සෙබළුන්ය.
ඒ අනුව ලංකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන 674 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
රෝගීන්ගෙන් 157 දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.



