භූවිද්‍ය සමීක්ෂණ හා පතල් කාර්යාංශයෙන් නිවේදනයක්

Share

සරල කරන ලද වැලි, පස් හා බොරළු ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම මැයි මස 11 වන දින සිට ක්‍රියාත්මක කරනු ලබයි.

 

ඒ අනුව චක්‍රලේඛයේ සඳහන් පරිදි ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු ක්‍රියාත්මක කළ යුතු අතර ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීමේ දී පැමිණෙන අයදුම්කරුවන්ගේ වර්තමානයේ ක්‍රියාත්මක දුරස්ථ ක්‍රමවේදයට අනුගතව ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇතැයි භූවිද්‍ය සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

තවද පවතින ආරක්ෂිත ක්‍රමවේද යටතේ ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීමේ දී සේවාලාභීන් කාර්යාංශය වෙත පැමිණීම වැළැක්වෙන පිරිදි ඒ ඒ කාර්යාලවලට සුදුසු ක්‍රමවේදයක් සකස් කර ඇත.

මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු අධ්‍යක්ෂ(ඛනිජ හිමිකම්) හෝ අදාළ ප්‍රාදේශීය කැණීම් ඉංජිනේරු ඇමතීමෙන් දැන ගත හැකියි.

අධ්‍යක්ෂ(ඛනිජ හිමිකම්) 0775 74 88 75

Read more

Local News