මැයි 06 වැනිදා සිට 11 වනදා දක්වා දිවයින පුරා ඇදිරි නිතීය

Share

කොළඹ ,ගම්පහ , කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇදිරි නිතිය තිබිය දී ජන ජිවිතය හා ආයතන ක්‍රියාකාරිත්වය යථාතත්ත්වයට පත් කිරිම මැයි මස 11 වන සදුදා ආරම්භ කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

 

එම දිස්ත්‍රික්කවල රාජ්‍ය හා පෞද්ගලික අංශවල ආයතන 11 වන සඳුදා සිට විවෘත කර පවත්වා ගෙන යායුතු බව ජනාධීපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

කොළඹ ,කළුතර ,පුත්තලම හා ගම්පහ දිස්ත්‍රික්කය හැර සෙසු දිස්ත්‍රික්කවල ඇදිරි නිතිය මැයි 06 වන බදාදා තෙක් රාත්‍රී 8 සිට අළුයම 5 දක්වා ක්‍රියාත්මක කෙරෙයි.

එම දිස්ත්‍රික්කවල මැයි 06 වන බදාදා රාත්‍රී 8ට පනවනු ලබන ඇඳිරි නිතිය මැයි 11 වන සදුදා අළුයම 5 දක්වා දිගටම ක්‍රියාත්මක වන බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.

රාජකාරි සඳහා යළි සක්‍රීය වන ආයතන පවත්වා ගෙන යාමේ දී කොවිඩ් නයින්ටීන් වසංගතය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රමුඛ සෞඛ්‍ය බලධාරීන් නියම කර ඇති මාර්ගෝපදේශ අනුගමනය කිරිම අනිවාර්යය වෙයි.

Read more

Local News