කොවිඩ් 19 සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය සාර්ථක ප‍්‍රතිකාරයක් සොයාගෙන ?

Share

කොවිඩ්  19 සඳහා, මෙතෙක් සොයා ගන්නා ලද සාර්ථකම ප‍්‍රතිකාරය තමන් විසින් සොයාගත් බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය පවසයි.

 

අබුඩාබියේ ස්ටෙම්ස් සෙල්ස් සෙන්ටර්ස් නම් ආයතනය විසින් මෙම සොයා ගැනීම සිදුකර ඇති අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසා ඇත්තේ, ඔවුන්ගේ සොයා ගැනීම සඳහා පේටන්ට් බලපත‍්‍රය මේ වන විටත් අදාල සමාගමට ලබා දී ඇති බවයි.

වෛසරය ආසාදනය වූ පුද්ගලයන් 73 දෙනෙකු සම්බන්ධකරගෙන, ඔවුන්, මෙම ප‍්‍රතිකාරය අත්හදා බලා ඇති අතර රෝගීන් සියළු දෙනාම සම්පූර්ණ වශයෙන්ම සුව වී ඇති බව ද තහවුරු කරයි.

මේ සම්බන්ධයෙන්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍යවරිය ඇයගේ ට්වීටර් ගිණුමේ සටහනක් තබා තිබේ.

Read more

Local News