වෙනිසියුලාවේ බන්ධනාගාරයක සිදුවු ගැටුමකින් රැඳවුවන් 17 ක් මරුට

Share

බටහිර වෙනිසියුලාවේ බන්ධනාගාරයක ඇති වූ ගැටුමකින් රැඳවුවන් 17 දෙනෙකු මියගොස් තිබේ.

 

ගැටුමෙන් 9දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

‍තුවාල ලැබූවන් අතර එම බන්ධනාගාරයේ අධ්‍යක්ෂවරයා ද සිටින බව වාර්තා වෙයි.

සිරකරුවන් විසින් බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනෙකුට පහර දී ඇති අතර එහි දි බන්ධනාගාර නිලධාරින් හා රැදවුවන් අතර ගැටුමක් හටගෙන තිබේ.

මෙම බන්ධනාගාරයේ රැඳවුවන් 750කට පමණක්  පහසුකම් පවතින අතර  දැනට එහි රැදවුවන් 2500 ක් සිටින බව විදෙස් වාර්තාවල දැක්වෙයි.

Read more

Local News