ජීවනෝපාය අහිමි වූ දාහත්ලක්ෂ හතළිස් අට දහස් විසි දෙනෙකු සඳහා රුපියල් 5000 දීමනාව ගෙවා අවසන් බව සමෘද්ධී සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.
එහි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා සඳහන් කළේ, ඒ සඳහා රුපියල් මිලියන 8015 කට අධික මුදලක් වැය කළ බවය.
සමෘද්ධීලාභීන් සහ අඩු ආදායම්ලාභි පවුල් විසි පන් ලක්ෂ විස් පන්දහස් පන්සිය විසිඅටක් සඳහා රුපියල් 5000 දීමනාව ලබා දීමට වැය කර ඇති මුදල රුපියල් මිලියන 12,627 කි.
සහන ලැබිය යුතු බවට හඳුනා ගත් තව ත් පුද්ගලයින් පිරිසක් සඳහා රුපියල් ලක්ෂ 05 කට අධික මුදලක් ගෙවා අවසන් කර ඇත.
රුපියල් 5000 දීමනාව ලබා ගැනීම සඳහා අභියචනා රැසක් ලැබෙමින් ඇතැයි බන්දුල තිලකසිරි මහතා ප්‍රකාශ කළේ ය.



