මොරටුව පොලිස් වසමේ ලුනාව ප්‍රදේශයේ දී මොරටුව පොලිස් ස්ථානයේ නිලධාරින් ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර රුපියල් 5000 නෝට්ටුවක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු සන්තකයේ හෙරොයින් මිලි ග්‍රෑම් 120 ක් ද තිබුණු බව පොලීසිය පවසයි.
සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම් අනුව ව්‍යාජ මුදල් නෝට්ටු ලබා දුන් සැකකරු ද රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු දෙකක් හා ගංජා ග්‍රෑම් 2 ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
පසුව සැකකරුගේ මොරටුමුල්ල දකුණ, මොරටුමුල්ල යන ලිපිනයේ ඇති නිවස පරීක්ෂා කර ව්‍යාජ මුදල් මුද්‍රණය කරන පරිගණකයක් හා අනෙකුත් උපාංග සොයා ගෙන ඇත.
අත්අඩංගුවට පත් සැකකරුවන්ගෙන් කළ විමසීම්වලදී ව්‍යාජ මුදල් මුද්‍රණයට සහය දුන් තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් වයස අවුරුදු 22, 31 හා 40 යන වයස්වල පසුවෙන මොරටුමුල්ල හා මොරටුව යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.
අද(03) දින මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත සැකකරුවන් ඉදිරිපත් කිරීමට නියමිතයි.
මොරටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.



