මහර බන්ධනාගාරයේ රැඳවියෙකු මරුට

Share

මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් පළායාමට උත්සාහ කිරීමේදී සිදු වූ අනතුරකින් රැඳවියෙකු මිය ගොස් තිබේ.

 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ, ඊයේ රාත්‍රී රැඳවියන් 7 දෙනෙකු බන්ධනාගාර නියාමකයින් දෙදෙනකු සමග පොර බැදීමක් සිදුව ඇති බවයි.

එහිදී එක් නියාමකයෙකු විසින් අහසට වෙඩි තබා ඇති බව ඔහු සඳහන් කළේ ය.

කෙසේ වෙතත් මෙම අවස්ථාවේදී රැඳවියකු කඹයක ආධාරයෙන් පැන පළායාමට උත්සාහ කිරීමේදී ඔහු තාප්පයෙන් ඇද වැටී තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

මියගොස් ඇත්තේ 38 හැවිරිදි රැඳවියෙකි.

පොර බැදීමෙන් තුවාල ලැබූ බන්ධනාගාර නියාමකයින් දෙදෙනා ද රාගම රෝහලට ඇතුළත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකය.

Read more

Local News