ඇඳිරි නීතිය නිසා ගම්බිම්බලා යාමට නොහැකිව සිටි 500කට අධික පිරිසක් නිවෙස් වෙත

Share

ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් තම නිවෙස් වෙත යාමට නොහැකිව බස්නාහිර පළාත තුළ සිරිවී සිටි  පුද්ගලයින් පිරිසක් අද(05) පිටත් කර හැරීමට පියවර ගෙන තිබේ.

 

ඒ අනුව අද පෙරවරු 7.00 පමණ නුගේගොඩ පොලිස්බල ප්‍රදේශයේදී මෙම වැඩසටහන ආරම්භ වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා පවසා සිටියේ, පුද්ගලයින් 500කට අධික ප්‍රමාණයක් ඔවුන්ගේ ගම් බිම් බලා පිටත්කර හැරීම සඳහා පියවර ගත් බවයි.

සෞඛ්‍ය අංශවල නිර්දේශ අනුව තෝරා ගත් මෙම කණ්ඩායම් සෞඛ්‍ය අංශ උපදෙස් හා නිරෝධායන උපදෙස් ලබාදීමෙන් පසු පිටත් කර හැරීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා සඳහන් කළේය.

මෙලෙස පිටත් කරන සියලුදෙනා තම ගම්බිම් වෙත ගිය පසු ස්වයං නිරෝධායනය ලක්විය යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News