හෙට සිට සති 2ක් පොදු ප්‍රවාහනය අත්‍යවශ්‍ය සේවා සදහා පමණයි

Share

හෙට සිට තවත් සති දෙකක් යන තෙක් සාමාන්‍ය මගීන් ප්‍රවාහනයට පොදු ප්‍රවාහනය යොදා නොගන්නැයි සෞඛ සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මගි ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාට උපදෙස් ලබා දී තිබේ.

 

ඒ අනුව ලංගම හා ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් දුම්රිය හා බස්රථවලින් ප්‍රවාහන පහසුකම් සපයන්නේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ අත්‍යවශ සේවා සඳහා වාර්තා කරන කාර්ය මණ්ඩල සඳහා පමණක් බව මගී ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළේ ය.

ඒ හැර සාමාන්‍ය ජනතාව සඳහා දුම්රිය හෝ ලංගම බස්රථවලින් ප්‍රවාහන සේවා නොසපයන ලෙස අමාත්‍යවරයා අදාල අංශවලට උපදෙස් දී තිබේ.

Read more

Local News