ජපානයේ රැකියා සඳහා මෙරට ශ්‍රමිකයන් බඳවා ගැනීම අඛණ්ඩව සිදු කෙරේ

Share

ජපානයේ රැකියා සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් යැවීම සම්බන්ධව ඉදිරි කටයුතු හා බඳවා ගැනිම් අණ්ඩව සිදු කිරිමට විදේශ සබදතා, නිපුණතා සංවර්ධන, රැකී රක්ෂා හා කම්කරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් උපදෙස් ලබාදී තිබේ.

 

ඒ අනුව ඒ සම්බන්ධව විශේෂ සාකච්ඡාවක්, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්, ජපානයේ රැකියා සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් බඳවා ගනු ලබන IM ජපන් ආයතනයේ මෙරට නේවාසික සාමාන්‍යාධිකාරි එච්. කවහාරා මහතා සමඟ ඊයේ (11) නිපුණතා සංවර්ධන, රැකී රක්ෂා හා කම්කරු අමාත්‍යාංශයේදි පැවැත්විණි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා ද මෙම සාකච්ඡාව සඳහා එක්වු අතර එහිදි ජපානයේ රැකියා සඳහා මෙරට ශ්‍රමිකයන් බඳවා ගැනිමේ කටයුතු අඛණ්ඩව සිදුකරගෙන යන බවත් පුහුණුවීම් සිදුකරණ බවත් අවධාරණය කෙරිණි.

පවතින තත්වය යහපත්වු වහාම ශ්‍රමිකයන් ජපානය වෙත යැවීම හා ඉදිරියේදි රැකියා අවස්ථාවන් වැඩියෙන් ලබාගැනීම සම්බන්ධවද සාකච්ඡා විය.

මේ වන විට ජපානයේ රැකියා සදහා තාක්ෂණික සේවාස්ථ වැඩසටහන යටතේ 100ට අධික පිරිසක් පිටත්ව ගොස් ඇත.

ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ජපානයේ ඉතා හොදින් රැකියාවල නිරත වී සිටින බව මෙහිදි IM ජපන් ආයතනයේ මෙරට නේවාසික සාමාන්‍යාධිකාරි එච්. කවහාරා මහතා සඳහන් කළේය.

Read more

Local News