රට ඉක්මනින් විවෘත කළ හොත් කොරෝනා වෛරසය තවදුරටත් පැතිර යා හැකි බවට අමෙරිකාවේ ප්‍රවීණ වසංගත විද්‍යා ප්‍රධානියෙකු වන ආචාර්ය ඇන්තනී ෆෝචි අනතුරු අඟවා සිටී.
ඔහු පැවසුවේ, අමෙරිකාව යළි විවෘත කිරීම සඳහා රජය හඳුන්වාදී ඇති මාර්ගෝපදේශයන් සුදුසු නොවන බවයි.
කුඩා ආසාදිත පොකුරු හරහා ආසාදිතයින් සීඝ්රයෙන් වැඩිවීම සිදුවනු ඇතැයි, ඔහු අනතුරු අඟවා සිටී.
මේ අතර ගතවූ පැය 24 තුළ අමෙරිකාවෙන් කොරෝනා මරණ 1,582 ක් වාර්තා වී තිබේ.
ඒ අනුව එරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව ද 83,377 දක්වා ඉහලගොස් ඇති අතර ආසාදිතයින් සංඛ්‍යාව දහ හතර ලක්ෂ 8,155 කි.
මේ අතර ගතවූ පැය 24 තුළ බ්‍රිතාන්‍යයෙන් කොරෝනා මරණ 627 ක් වාර්තාවිය.
ඒ අනුව එරට සමස්ත මරණ සංඛ්‍යාව 32,692 දක්වා ඉහළ ගොස් ඇති අතර ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වූයේ දෙලක්ෂ 26,463 ක් ලෙසයි.
මේ අතර ගතවූ පැය 24 තුළ බ්‍රසීලයෙන් කෙරෝනා මරණ 779 ක් වාර්තා වී තිබේ.
ඒ එරට සමස්ත මරණ සංඛ්‍යාව 12,404 දක්වා ඉහළ දමමිනි.
බ්‍රසීලයෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව එක් ලක්ෂ 77,602 කි.
මේ අතර ලොවපුරා කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ 3 ට ආසන්න වෙමින් තිබේ.
ලොවපුරා මේ වන විට වාර්තා වන මරණ සංඛ්‍යාව 2 92,403 දක්වා ඉහළ ගොස් ඇති අතර ආසාදිතයින් සංඛ්‍යාව 43,37,143 දක්වා ඉහළ ගියේ ය.




