පාර්ලිමේන්තු මහ මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වී ඇති පෙත්සම් විභාගය අවසන් වන තෙක් මනාප අංක නිකුත් නොකිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
මහ මැතිවරණයට අදාළ මනාප අංක නිකුත් කිරීම ඊයේ දිනයේ සිදුකිරීමට නියමිතව තිබුණ ද එය තාවකාලිකව කල් දැමීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ වන විට පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් කිහිපයක් ඉදිරිපත් වී ඇති අතර අදාළ පෙත්සම් ලබන 18 සහ 19 යන දිනවල දී සලකා බැලීමට නියමිතයි.
එම පෙත්සම් විභාගය අවසන් වීමෙන් පසු මනාප අංක නිකුත් කිරිම සුදුසු බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේය.



