රාජිත සේනාරත්න රිමාන්ඩ්

Share

හිටපු සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

 

රාජිත සේනාරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) අද පස්වරුවේ භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ආන්දෝලනාත්මක සුදු වෑන් මාධ්‍ය හමුව සංවිධානය කළ රාජිත සේනාරත්න මහතාට ඇප ලබා දෙමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් පසුගිය දෙසැම්බර් 30 වැනිදා නිකුත් කළ නියෝගය අවලංගු කර, ඔහු අධිකරණයට ඉදිරිපත් කරන්නැයි, කොළඹ මහාධිකරණය අද නියෝග කළේය.

Read more

Local News