කොරෝනා වෛරසය ලෝකයෙන් තුරන් වෙන්නේ නෑ – WHO

Share

කොරෝනා වෛරසය ලෝකයෙන් තුරන්ව නොයනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ.

 

එම සංවිධානයේ හදිසි තත්ත්වයන් පිළිබඳ අධ්‍යක්ෂ වෛද්‍ය මයික් රයන් පැවසුවේ, වෛරසය එසේ තුරන්ව යනු ඇති බවට සිදුකරන පුරෝකථනයන්ට තමා එකඟ නොවන බවයි.

මේ සඳහා එන්නතක් සොයා ගත්ත ද, වෛරසය පාලනය කිරීම සඳහා දැඩි ප්‍රයත්නයක් දැරිය යුතු බව ඔහු සඳහන් කළේ ය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ එම අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසුවේ, මෙම වෛරසය ප්‍රජාවන්ට අවේනික වෛරසයක් ලෙස පවතිනු ඇති බවයි.

මේ අතර කොරෝනා වෛරසයෙන් වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ අමෙරිකාවට වන අතර එරටින් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 1430,348 කි.

අමෙරිකාවෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 85,197 දක්වා ඉහළ ගොස් තිබේ.

Read more

Local News