කොරෝනා අවදානම තවමත් පහව ගොස් නැ

Share

ඇඳිරි නීතිය ලිහිල් කර ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු කළ ද කොරෝනා අවදානම පහව ගොස් නැතැයි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

 

ඔහු සඳහන් කළේ, නිකුත් කර ඇති සෞඛ්‍ය උපදෙස්වලට අනුගතවෙමින් ක්‍රියාකිරීම ඉතා වැදගත් වන බවයි.

මේ අතර දිවයිනේ දිස්ත්‍රික්ක 23 ක ඇඳිරි නීතිය අද අලුයම 5 ට ඉවත් කෙරිණ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකේ ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මක බවයි.

කළුතර සහ පුත්තලම ඇතුළු සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 8.00 සිට අලුයම 5.00 දක්වා පමණයි.

කොළඹ, ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබියදී ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය යථා තත්වයට පත් කිරීම, කලින් සැලසුම් කළ පරිදි අදත් ක්‍රියාත්මක වේ.

ඊට අදාළ කොන්දේසි නොවෙනස්ව පවතින බව ද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.

Read more

Local News