අද වනවිට අප රටේ දුම්වැටි භාවිතය ඉතාමත් සුළු ප්‍රමාණයකින් අඩුවී ඇතත් මද්‍යසාර හා මත්ද්‍රව්‍ය භාවිතයේ ප්‍රතිශතය දිනෙන් දින ඉහළ යන බව සමීක්ෂණ වාර්තා පෙන්වා දී ඇත.
ශ්‍රී ලංකා අමද්‍යප මහ සභාවේ 104 වෙනි වාර්ෂික වාර්තාවේ පෙන්වා දී ඇත්තේ දුම්කොළ ආශ්රිත නිෂ්පාදන භාවිතා කරන්නන්ගෙන් 15.7%ක් වයස අවුරුදු 13 – 15ත් අතර පිරිමි දරුවන් හා 4.1%ක් ගැහැනු ළමයින් බවයි.
දුම්වැටි හා මත්ද්‍රව්‍ය ගැන කතා කිරීමේදී හා ලිවීමේදී ඉතාමත් ප්‍රවේසම් විය යුතුය. මත්ද්‍රව්‍ය හා දුම්වැටි හඳුන්වාදීමෙන් පාසල් වයසේ ළමයින්ට මේවා සම්බන්ධයෙන් කුතුහලයක් ඇතිවිය හැකි බැවින් එයින් සිදුවන්නේ දරුවන් ඒවාට ඇබ්බැහිවීමයි. දුම්වැටි, මද්‍යසාර හා මත්ද්‍රව්‍ය පරිහරණය කිරීම පිළිබඳව ඇති අපේක්ෂාවන් වෙනස් කිරීමෙන් ළමා පරපුර එයින් මුදාගත හැකිය.
පිළිකා, පෙණහලු රෝග, හදවත් රෝග ඇතුළු නිදන්ගත රෝග රැසක් ඇතිවීමට ප්‍රධාන හේතුව දුම්වැටි හා මත්ද්‍රව්‍ය භාවිතය බව ඔවුන් අතර තහවුරු කළ යුතුය. එසේ නැතහොත් මෙයින් පීඩාවිඳින ජනතාව වෙනුවෙන් වෛද්‍ය ප්‍රතිකාර කිරීම, ඒ සඳහා වැඩමුළු පැවැත්වීම හා සමාජ හානිය වෙනුවෙන් අතිවිශාල මුදලක් වැයකිරීමට රජයට ද සිදුවේ.
එබැවින් අනාගතයේදී රට බාරගැනීමට සිටින බාල පරපුර මද්‍යසාර දුම්වැටි ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතයෙන් මුදාගැනීමට කටයුතු කිරීම සියලු රටවැසියන්ගේ වගකීමයි.