තායිලන්තයේ වෙළඳසැල් යළි විවෘත කරයි

Share

කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් වසා දැමුණු වෙළඳසැල් නැවත විවෘත කිරීමට තායිලන්තය පියවර ගෙන තිබේ.

 

ඒ අනුව ලබන 17 වනදා සිට එරට සුපිරි වෙළඳසැල්, සාප්පු සංකීර්ණ ඇතුළු ව්‍යාපාර යලි විවෘත කිරිමට  පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මීට අමතරව ඉලෙක්ට්‍රොනික භාණ්ඩ අලෙවිසැල්, ගෘහ භාණ්ඩ සහ කාර්යාල උපකරණ අලෙවි කිරීමේ වෙළඳසැල් ද විවෘත කිරීමට පියවර ගෙන තිබේ.

තායිලන්තයෙන් වාර්තා වන කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාවේ අඩු වීමක් පෙන්නුම් කර ඇති බව සදහන්.

කෙසේවෙතත් කොවිඩ් නයින්ටීන් වෛරසයේ දෙවන ව්‍යාප්තියක් පිළිබඳව අවදානමක් පවතින බවට ලොව වෛද්‍ය විශේෂඥයින් විසින් සිදුකර ඇති දැනුම්දීමට අනුව ඒ පිළිබදව අවධානයෙන් පසුවන බව තායිලන්ත රජය සදහන් කර ඇත.

තායිලන්තයෙන් මේ වන විට කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් 3025 දෙනෙකු හදුනාගෙන ඇති අතර මරණ 56ක් සිදුව තිබේ.

Read more

Local News