ඔස්ට්‍රේලියාවේ නිව් සවුත්වෙල්ස් හි අවන්හල් විවෘත කිරීමට පියවර ගෙන තිබේ.
කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් පනවන ලද සීමාවන් ලිහිල් කිරීමේ තවත් එක්පියවරක් ලෙස එරට සිඩ්නි නුවර පිහිටි අවන්හල් විවෘත කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඒඅනුව පාරිභෝගිකයින් හට ආහාර පාන මිලදී ගැනීමට අවස්ථාව සලසාදී ඇති අතර තවමත් බොහෝ අවන්හල් වසා දමා ඇති බව සදහන්.
සමාජ දුරස්ථභාවය තබා ගනිමින් සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදවලට අනුව විවෘත කළ අවන්හල්වල කටයුතු සිදු කිරීමට කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
නිව් සවුත්වෙල්ස් හි මේ වන විට කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 3000 කට අධික පිරිසක් වාර්තා වී තිබේ.




