ඉන්දියාවේ කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා උපරිම සහය ලබාදෙන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ඉතා හොද මිතුරන් ලෙස කටයුතු කරන ඉන්දියාව කොවිඩ් නයින්ටීන් වෛරසය හමුවේ මුහුණ දී ඇති අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීම සඳහා ඕනෑම අවස්ථාවකදී අවශ්‍ය සහය ලබාදීමට කටයුතු කරන බව අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.
කොවිඩ් නයින්ටීන් වෛරසයට එරෙහි එන්නතක් නිෂ්පාදනය කිරීම සඳහා අමෙරිකාව, ඉන්දියාව සමඟ එක්ව කටයුතු කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර තිබේ.




