ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ලබන සඳුදා කොළඹ ඩාලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී රැස් වීමට නියමිත බව වාර්තා වේ.
එම සාකච්ඡාව පැවැත්වෙන්නේ නිදහස් පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.
මහ මැතිවරණයට අදාළ කටයුතු සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ ය.



