වෘත්තිකයින් ප්‍රවාහනයට කුලී රථවලට අවසර

Share

පෞද්ගලික සහ රාජ්‍ය ආයතනවල වෘත්තිකයින් ප්‍රවාහනය සඳහා ත්‍රිරෝද ඇතුළු කුලී රථ හිමියන්ට අවසර දී ඇතැයි පොලීසිය පවසයි.

 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසුවේ, එලෙස වෘත්තිකයින් ප්‍රවාහනය කර පැමිණෙන කුලී රථ පරීක්ෂා කිරීම සිදුකෙරෙන බවයි.
‍
එවනි අවස්ථාවකදී එක හෙළාම ඇඳිරි නීති රෙගුලාසි කඩ කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

එහෙත් පොලීසිය අදාළ කුලී රථ නීත්‍යනුකූලව අවසර දී ඇති කාර්යයක් සේවකයින් ප්‍රවාහනය කර පැමිණෙන්නේ ද යන්න සම්බන්ධයෙන් එම අවස්ථාවේම නිශ්චය කර ගැනීමට කටයුතු කරනු ඇති.

Read more

Local News