ට්‍රම්ප් තවත් රාජ්‍ය නිලධාරියෙක් ඉවත් කරයි

Share

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඉන්ස්පෙක්ටර් ජෙනරාල් ලෙස කටයුතු කරන ස්ටීව් ලිනික් දින 30 ක් තුළ ධුරයෙන් ඉවත් කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

 

ඔහු පිළිබඳ තවදුරටත් පූර්ණ විශ්වාසයක් නොමැති වීම හේතුවෙන් එම තීරණය ගන්නා බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝගේ සැකකටයුතු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ස්ටීව් ලිනික් විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

ඔහු ඉවත් කරන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කිරීමට එයද හේතුවක්වනු ඇති බව වාර්තා වේ.

පසුගිය කාලය තුළ අමෙරිකානු ජනාධිපතිවරයා නිලධාරීන් කිහිපදෙනෙකු විවේචනයට ලක්කර ඔවුන් ධුරවලින් ඉවත් කිරීමට කටයුතු කළේය.

Read more

Local News