Home දේශීය පුවත් කොරෝනා රෝගීන් ගණන 949 ක් දක්වා ඉහළට

කොරෝනා රෝගීන් ගණන 949 ක් දක්වා ඉහළට

0
කොරෝනා රෝගීන් ගණන 949 ක් දක්වා ඉහළට

තවත් කොරෝනා ආසාදිතයන් 12 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

 

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 949 ක් දක්වා ඉහළ ගියේය.

මේ අතර අද දිනය තුළ කොවිඩ් නයින්ටීන් වෙරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 43 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

අයි.ඩී.එච්, මුල්ලේරියාව, හෝමාගම සහ වැලිසර නාවික හමුදා යන රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් පිරිසක් මෙලෙස සුවය ලබා පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

ඒ අනුව මේ වන විට කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් 520 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here