අප්‍රේල් 21 ප්‍රහාරය: ජනාධිපති කොමිසමේදි හෙළි වූ තොරතුරු

Share

අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාවේ සාක්ෂි විමසීම ඊයේ දිනයේදීත් සිදුවිය.

 

ඊයේ පෙරවරුවේ සාක්ෂි ලබා දුන්නේ එවකට කටාන පොලිස් ස්ථානයේ, ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චමින්ද නවරත්න මහතායි.

කටුවපිටිය දේවස්ථානයේ සිදු වූ පිපිරීමට අදාළව මෙහිදී සාක්ෂි විමසූ අතර ඔහු පැවසූවේ ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු ඇතුළත් ලිපිය තමාට අප්‍රේල් 13 වැනිදා රාත්‍රියේ ෆැක්ස් මාර්ගයෙන් ලැබුණු බවය.

එය පොලිස් උපදේශන පන්ති සදහා යොමු කළ බව ද සාක්ෂිකරු කියා සිටියේය.

පාස්කු දිනට පෙර දින රාත්‍රියේ දේවස්ථානය ආශ්‍රිතව පොලිස් මුර සංචාර ක්‍රියාත්මක කළ නමුත්, 21වැනිදා උදෑසනද පූජාවක් ඇති බවට තමා දැනුවත්ව සිටියේ නැතැයි සාක්ෂි ලබා දෙමින් නවරත්න මහතා ප්‍රකාශ කළේය.

Read more

Local News