මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේදී විෂයන් 4 ක් සඳහා ගණක යන්ත්‍ර (Calculator) භාවිත කිරීමට අවසර දී තිබේ.
ඒ අනුව ගිණුම්කරණය, ඉංජිනේරු තාක්ෂණවේදය, ජෛව පද්ධති තාක්ෂණවේදය සහ තාක්ෂණය සඳහා විද්‍යාව යන විෂයන්වලට ගණක යන්ත්‍ර (Calculator) භාවිතා කිරීමට අවසර දෙනු ඇති.
විභාග කොමාසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ, ඉදිරියේදී තවත් විෂයන් කිහිපයක් සඳහා ද ගණක යන්ත්‍ර (Calculator) භාවිත කිරීමට අනුමැතිය දීම කෙරෙහි අවධානය යොමුව ඇති බවයි.



