දේශපාලන පලිගැනීම් පිළිබඳ ජනපති කොමිසමේ සාක්ෂි විමසීමේ කටයුතු හෙට සිට යළි අරඹයි

Share

‍දේශපාලන පලිගැනීම්වලට ලක්වූවන් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාවේ සාක්ෂි විමසීමේ කටයුතු හෙට(20) සිට නැවත ආරම්භ වෙයි.

 

කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් එහි කටයුතු මාර්තු මස 13 වනදා සිට අත්හිටුවනු ලැබුවේය.

ජනාධිපති කොමිසමේ කටයුතු හෙට පෙරවරු 09.30 ට යළි ආරම්භ කරන අතර වැඩ තහනමට ලක්ව සිටින සබරගමුව පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා කොමිසම හමුවේ පෙනි සිටීමට නියමිතයි.

සබරගමුව පළාත් සභා හිටපු අමාත්‍යවරියක් විසින් අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත සිදුකළ පැමිණිල්ලකට අදාලව තමාගේ සේවය අත්හිටුවීමට පියවර ගත් අතර එය දේශපාලන පලිගැනීමක් මත සිදුවූවක් බව පවසමින් ලලිත් ජයසිංහ මහතා පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

මේ වන විට එම කොමිසම හමුවේ පැමිණිලි 5 ක් විභාග වන අතර තවත් පැමිණිලි 63 ක මූලික විමර්ශන කටයුතු එහි පොලිස් ඒකකය මගින් සිදුකරනු ලබයි.

Read more

Local News