අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ගුරු සමීක්ෂණයක්

Share

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් රජයේ පාසල්හි සේවය කරනු ලබන ගුරුභවතුන් තමා වඩාත් කැමති ස්ථාන සහ ඉගැන්වීමට වඩාත් සුදුසු විෂයයන් පිළිබඳ සොයා බැලිම සඳහා සමික්ෂණයක් පැවැත්වීමට සැලසුම් කර ඇත.

 

ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශ නිල වෙබ් අඩවි වන https//moe.gov.lk හි “Teacher Survey Form” ගුරු සමීක්ෂණය වශයෙන් සඳහන්ව ඇති දිගුවෙන් හෝ https://nemis.moe.gov.lk මඟින් ප්‍රවේශ විය හැක.

එමඟින් ලබා දී ඇති උපදෙස් අනුව 2020.05.30 දිනට පෙර ප්‍රශ්නාවලිය සම්පුර්ණ කළ යුතු බවද අමාත්‍යාංශය දැනුම් දෙයි.

Read more

Local News