විදෙස්රටවල සිට මෙරටට ගෙන්වා ගනු ලැබූ ශ්‍රී ලාංකිකයින් 113 දෙනෙකුට කොරෝනා අසාදනය වී ඇතැයි වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
යුද හමුදාපතිවරයා පැවසුවේ, කුවේටයේ සිට පැමිණි 90 දෙනෙකු ද ඩුබායි සිට පැමිණි 18 ක් ද ඒ අතර වන බවය.



