ඇඳිරි නීතිය කඩ කළ පිරිස 66000 ඉක්මවයි

Share

මාර්තු මස 20 වන දින සිට අද(27) අළුයම 4.00 දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීමට අදාළව පුද්ගලයින් 66,341ක් අත්අඩංගුවට පත්ව තිබේ.

 

එම කාලය තුළ අත්අඩංගුවට ගත් වාහන සංඛ්‍යාව 18 695 ක් වන බව පොලිස් කොට්ඨාසය සඳහන් කරයි.

මේ අතර ඊයේ(25) රාත්‍රී 10.00 සිට අද අළුයම 4.00 දක්වා වු ගත වු පැය 6ක කාලය තුළ පුද්ගලයින් 411ක් හා වාහන 81ක් අත්අඩංගුවට පත්ව තිබේ.

මාර්තු මස 18 වන දින සිට අද දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංගනය කර නඩු පැවරූ සංඛ්‍යාව 21,225 ක් වෙයි.

නඩු පැවරීම්වලට අදාළ දඬුවම් නියම කළ සංඛ්‍යාව 8362 කි.

Read more

Local News