කොළඹ ප්‍රදේශ කිහිපයකට අනිද්දා පැය 18ක ජල කප්පාදුවක්

Share

අනිද්දා පැය 18 කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව, ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

 

ඒ අඹතලේ ජල පවිත‍්‍රාගාරයේ සිට මාලිගාකන්ද දක්වා ජලය සැපයෙන ප‍්‍රධාන නළ මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙනි.

අනිද්දා පෙරවරු 9.00 සිට පසුදින අලුයම 3.00 දක්වා පැය 18 ක කාලයක් කොළඹ – 2, කොළඹ – 3, කොළඹ-7, කොළඹ -8, කොළඹ-9 සහ කොළඹ -10 යන ප‍්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවයි.

මීට අමතරව කොළඹ -1 ප‍්‍රදේශයට අඩු පීඩන තත්ත්වයක් යටතේ එම කාලයේ දී ජලය සැපයෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් පැවසී ය.

Read more

Local News