ප්‍රමුඛතා මංතීරු නීතිය යළි ක්‍රියාත්මකයි

Share

බස්නාහිර පළාත තුළ අද(08) සිට බස් ප්‍රමුඛතා මංතීරු නීතිය යළි ක්‍රියාවට නංවන බව පොලීසිය පවසයි.

 

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා ප්‍රකාශ කළේ, එහි පළමු අදියර ලෙස මොරටුවේ සිට පිටකොටුව දක්වා බස් ප්‍රමුඛතා මංතීරු නීතිය ක්‍රියාත්මක කෙරෙන බවයි.

දැනට ගාලු පාරේ මොරටුව සිට ඕල්කට් මාවත දක්වා පමණක් මෙම මංතීරු නීතිය ක්‍රියාත්මක කෙරෙන බව නාගරික රථවාහන කොට්ඨාශයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී කමල් පුෂ්පකුමාර මහතා ද සඳහන් කළේය.

ඒ අනුව උදෑසන 6.00 සිට 9.00 දක්වාත් පස්වරු 04.00 සිට රාත්‍රී 07.00 දක්වාත් මෙම නීතිය ක්‍රියාත්මක වෙයි.

සෙසු මාර්ගවල බස් ප්‍රමුඛතා මංතීරු නීතිය ඉදිරියේදී අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක කෙරෙන බව අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

කෙසේවෙතත් මීට පෙර බස් ප්‍රමුඛතා මංතීරු නීතිය ක්‍රියාත්මක වූ අතර එම මංතීරුවේ ධාවනය කිරීමට හැකියාව පැවතුණේ පෞද්ගලික බස්රථ සඳහා පමණයි.

කෙසේවෙතත් නව ක්‍රමවේදය ඔස්සේ කාර්යාල ප්‍රවාහන පහසුකම් සලසන බස් සහ වෑන් සඳහා ද මෙම මංතීරුවේ ධාවනය කිරීමට හැකියාව පවතින බව සඳහන්ය.

Read more

Local News