කල්මුණේ වෙළඳ සැලක හදිසි ගින්නක්

Share

කල්මුණ පොලිස් වසමේ කෝවිල පාර, ප්‍රදේශයේ පිහිටි වෙළඳ සැලක හදිසි ගින්නක් හට ගෙන තිබේ.

 

ඊයේ(07) සවස 2.15 ට පමණ මෙම ගින්න හට ගෙන ඇත.

කල්මුණ පොලීසියට ලද තොරතුරක් මත වහා ක්‍රියාත්මක වු පොලීසිය , ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව ගින්න මැඩ පවත්වා තිබේ.

ගින්න හේතුවෙන් ජීවිත හානි නොමැති අතර, සිදුව ඇති අලාභය මෙතෙක් තක්සේරු කර නොමැත.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

කල්මුණ පොලීසිය වැඩි දුර විමර්ශන සිදු කරයි.

Read more

Local News