මල්වතුහිරිපිටිය පොලිස් වසමේ බුත්පිටිය ප්‍රදේශයේ නිවසක හදිසි ගින්නක් හටගෙන ඇති බව පොලීසිය පවසයි.
ඊයේ(09) සවස 3.30ට පමණ අදාළ නිවසේ මෙම ගින්න හටගෙන ඇති බව වාර්තා වෙයි.
119 තොරතුරු මධ්‍යස්ථායෙන් ලද පණිවිඩයක් මත වහා ක්‍රියාත්මකවූ පොලීසිය, විදුලි බල මණ්ඩලයේ නිලධාරීන්ගේ සහය ඇතිව ගින්න මැඩපවත්වා තිබේ.
ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණයවී නොමැති බව පොලීසිය සඳහන් කරයි.
අදාළ ගින්න හේතුවෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති අතර සිදුවු අලාභය මෙතෙක් තක්මේරු කර නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන් මල්වතුහිරිපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.



