කිලිනොච්චියේ රිය අනතුරකින් අයෙක් මරුට

Share

කිලිනොච්චිය, පුනරීන් සිට මන්නාරම දක්වා දිවෙන මාර්ගයේ හතරේ කණුව ප්‍රදේශයේදී සිදුවු රිය අනතුරකින් අයෙක් ජිවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා ඇති බව කිලිනොච්චිය, පුනරීන් පොලීසිය පවසයි.

 

ඊයේ(08) සවස මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි.

පොලිසිය පැවසූවේ මන්නාරම දෙස සිට පැමිණි ටිපර් රථයක යතුරුපැදියක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් කිලිනොච්චිය ජෙයපුරම් ප්‍රදේශයේ පදිංචි එස්.තවරාජන් නමැති පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර, අදාළ ප්‍රදේශයේම පදිංචි එස්.වසන්තකුමාර් නමැති පුද්ගලයෙකු බරපතල තුවාල ලබා ඇති බවද පොලිසිය පැවසීය.

පොලිසිය වැඩිදුරටත් පැවසූවේ යතුරුපැදියක් අතුරුමාර්ගය සිට ප්‍රධාන මාර්ගයට දැමීමට උත්සහ කරන අවස්ථාවේ අනතුර සිදුව ඇති බවයි.

අනතුර සිදුවීමෙන් අනතුරුව ප්‍රදේශවාසීන් නොසන්සුන්කාරිව හැසිරි ඇති අතර, අනතුරුව පොලීසිය මැදිහත්ව තත්වය පාලනය කළ බවද පොලිසිය පැවසීය.

සිදුවීම සම්බන්ධයෙන් ටිපර් රථ රියදුරු අත්අඩංගුවට ගත් බැව්ද පොලිසිය සඳහන් කළ අතර, පූනරීන් පොලීසිය සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Read more

Local News