අලතුවතුගොඩ ප්‍රදේශයේ දී විදුලිසැර වැදීමකින් ඉන්දීය ජාතිකයෙකු මියගොස් තිබේ.
අදාළ පුද්ගලයා පුද්ගලික ආයතනයක ඉහළමාලයේ සේවයේ නිරතව සිටියදී අධි බලැති විදුලි රැහැනක ගැටී අනතුර ඇති බව පොලීසිය සඳහන් කළේය.
මියගොස් ඇත්තේ 47 හැවිරිදි ඉන්දීය ජාතිකයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් අලවතුගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



