නවසීලන්තයේ කොරෝනා සම්පුර්ණයෙන්ම පාලනය කරයි

Share

නවසීලන්තය තුළ කොවිඩ් නයින්ටීන් වසංගත ව්‍යාප්තිය සම්පුර්ණයෙන්ම පාලනය කර ඇති බව එරට රජය නිවේ්දනය කර තිබේ.

 

එරට සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ පසුගිය පෙබරවාරි මස 28 වන දා සිට මේ දක්වා කිසිඳු ලෙසකින් වෛරස ව්‍යාප්තියක් හෝ නව ආසාදිතයින් වාර්තා විමක් සිදුවි නොමැති බවයි.

සෞඛ්‍ය අංශවල නිගමනයට අනුව මේ වන විට නවසිලන්තය කොවිඩ් නයින්ටීන් වසංගතය සම්පුර්ණයෙන් පාලනය කළබවට නිශ්චිතව ප්‍රකාශ කළ හැකි බව නවසීලන්ත සෞඛ්‍ය අමාතංශ්‍යය නිවේදනය කර තිබේ.

නවසීලන්තයෙන් වාර්තා වී ඇති කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 1504 වන අතර ඉන් ආසාදිතයන් 1482 කු සුවය ලබා ඇත.

වෛරසය ආසාදනය විමෙන් එරට සිදුව ඇති  මරණ සංඛ්‍යාව 22 ක් බව  විදෙස් වාර්තා වල දැක්වේ.

Read more

Local News