දහම් පාසල් ගුරු සහිතක පත්‍ර විභාගය ජූනි මස 20 වන දින නොපැවැත්වෙන බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
දහම් පාසල් ගුරු භවතුන්ගේ දැනුම්, කුසලතා හා ආකල්ප වර්ධනය කිරීමේ අරමුණින් මෙම විභාගය වාර්ෂිකව දීප ව්‍යාප්ත මට්ටමින් පවත්වනු ලබයි.
මෙම විභාගය මෙවර දිවයිනේ සියලූම දිස්ත්‍රික්ක ආවරණය කරමින් ගුරු භවතුන් 16000 කට අධික ප්‍රමාණයක් අයදුම්පත් යොමු කර තිබේ.
පවතින කොවිඩ් 19 වසංගතය හමුවේ සෞඛ්‍ය අංශ වෙතින් ලබා දි ඇති උපදෙස් ක්‍රියාත්මක කළ යුතු බැවින් මෙම විභාගය වෙනත් සුදුසු දිනයක දී පැවැත් වීමට කටයුතු යොදා ඇතැයි ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.



