ඉදිරි දින කිහිපයේදීත් විදෙස්ගත ලාංකිකයන් රැගෙන ඒමට සැලසුම්

Share

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විදේශයන්හි රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් යළි මෙරටට ගෙන්වා ගැනීමේ වැඩසටහන යටතේ ඉදිරි දිනවල තවත් ශ්‍රී ලාංකිකයන් 825 දෙනෙක් පමණ ගෙන්වා ගැනීමට අවශ්‍ය සැළසුම් සකස් කරමින් සිටින බව විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් ආචාර්ය, අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පවසයි.

 

ඒ අනුව මෙම මස 11 දින පිලිපීනයේ සිටද, 13 දින මාලදිවයිනේ සිට ද, 15 දින පකිස්තානයේ සිට ද ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානා 03ක් මඟින් එම පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ඒමට නියමිතය.

මේ අතර ඉන්දියාවට යෑමට නොහැකිව මෙරට තුළ රැඳී සිටින ඉන්දීය ජාතිකයන් පිරිසක් මෙම මස 15 දින බැංගලෝර් නුවරටත්, 22 දින නවදිල්ලි නුවරටත්, ඉන්දීය ගුවන් සේවයේ විශේෂ ගුවන් යානා 02ක් මඟින් රැගෙන යෑමට නියමිත බව ඉන්දීය ගුවන් සේවයේ ප්‍රකාශකවරයෙකු පැවසීය.

Read more

Local News