කොවිඩ් 19 ආධාරවලට මොකද වුණේ ? – රනිල්

Share

කොවිඩ් 19 වසංගතය පාලනය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලබා දී ඇති අමෙරිකානු ඩොලර් මිලියන 230කට සිදුවූයේ කුමක්දැයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් ප්‍රශ්න කර සිටියි.

 

ඔහු මේ බව පැවසුවේ අද සිරිකොත පක්ෂ මූලස්ථානයේදී කළුතර සහ මාතර එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයන් දැනුවත් කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

කොරෝනා වෛරසය මර්දනය කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙරටට ලබාදුන් මුදල් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය නිසි පැහැදිලි කිරීමක් සිදුකළ යුතුව පවතින බව ඒ මහතා වැඩදුරටත් ප්‍රකාශ කර සිටියේය.

එහිදී අගමැතිවරයා මෙසේ සිය අදහස් දැක්වීය.

“කෝටි 4200ක් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලැබුණා. මේ මුදල්වලට මොකද වුණේ? මුඛ ආවරණ මිලියන 20ක් ගේන්න තිබුණා. මුඛ ආවරණ ලබා දීලත් තව මුදල් ඉතිරිවෙනවා. පරීක්ෂණ වැඩිකරන්න යන්ත්‍ර ගේන්න තිබුණා. කොරෝනා මර්දන මධ්‍යස්ථානය හදන්න තිබුණා. සෞඛ්‍ය හා හමුදා නිලධාරීන් පුහුණු කරන්න තිබුණා. අත්වැසුම්, ශරීර ආරක්ෂණ ඇඳුම් දෙන්න තිබුණා.”

“ඒවා නොදීම නිසා නාවික හමුදාවේ අයට කොරෝනා හැදුණා. මුදල් වියදම් කළ විදිය සෞඛ්‍ය ඇමති කියන්න.”

Read more

Local News