සංචාරක ක්ෂේත්‍රයේ සහන පැකේජය⁣ට කැබිනට් අනුමැතිය

Share

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් දුෂ්කරතාවයට පත් සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ පුද්ගලයින් සඳහා සහන සැළසීමේ පැකේජයකට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

 

සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, මේ තුළින් සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ එක් ලක්ෂ පනස් දාහකට ආසන්න පිරිසකට සහන සැළසෙන බවය.

හෝටල් සේවකයින් සඳහා මාස 6 ක් යන තෙක් වැටුප් ගෙවීම සඳහා අඩු පොලී, ණය මුදලක් ද මේ යටතේ නිකුත් කෙරෙන බව ඔහු ප්‍රකාශ කළේ ය.

ලේකම්වරයා සඳහන් කළේ, එම පැකේජයෙන් සංචාරක මග පෙන්වන්නන් හා සංචාරක රියැදුරන් සඳහා ද සහන සළසන බවය.

Read more

Local News